free web stats

බංග්ලාදේශයේ විපක්ෂයෙන් මැතිවරණයක් ඉල්ලයි

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ රජය පෙරළා දමා මාස 6කට කාලයක් ගතවුවද එරට මහමැතිවරණය පැවැත්වීමට සහ මානව අයිතීන් සුරක්ෂිත කිරීමට මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුතු අන්තර්වාර රජය මෙතෙක් අසමත්වී ඇතැයි විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කර තිබෙනවා.

බංග්ලාදේශයේ මැතිවරණ ප්‍රතිසංස්කරණය සහ විනිවිදභාවයකින් යුතුව මහමැතිවරණය පැවැත්වීම මෙන්ම මානව අයිතීන් ආරක්ෂා කිරීම එරට වත්මන් පාලනයේ වගකීම වුවත්, හින්දු සහ කතෝලික ප්‍රජා ඉලක්ක කරමින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට සහ එරට ආර්ථිකය වර්ධනය කිරීමට අන්තර්වාර රජය සමත්වී නැති බවත් බංග්ලාදේශයේ විපක්ෂය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විපක්ෂයේ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එරට මැතිවරණ කොමසාරිස් නසීර් උද්දීන් ප්‍රකාශ කර ඇත්තේ බංග්ලාදේශයේ මහමැතිවරණය මේ වසර අගභාගයේදී හෝ ලබන වසරේ මුල් භාගයේදී පවත්වන බවයි.

බංග්ලාදේශ මැතිවරණ කොමිසම කිසිදු දේශපාලන බලපෑමකින් තොර ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, සාධාරණ සහ මධ්‍යස්ථ මැතිවරණයක් පැවැත්වීම කොමිසමේ බලාපොරොත්තුව බවත් එරට මැතිවරණ කොමසාරිස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *