free web stats

සෞඛ්‍ය සේවාවට බරක්වී ඇති දේ ගැන ඇමති කතා කරයි

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති, රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මහනුවර ජාතික රෝහලේ තාවකාලිකව නතරවී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයාබැලීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවා.

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ විවිධ ලැදියාවන් මත ක්‍රියාත්මක කර ඇති මෙම අවිධිමත් කටයුතු රජයට, සෞඛ්‍ය සේවාවට මෙන්ම රටට ද විශාල බරක්වී ඇති බව පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල නිමාවක් සිදුවිය යුතු බැවින් ඒවා යම්තාක් දුරකට හෝ අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *