free web stats

ගින්නෙන් මිය ගිය ගැබිනි සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය

යාපනය චාවකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වන තමිලිනී සදීසන් මහත්මිය සිය සිරුරට ගිනි ඇවිළීමෙන් පෙරේදා (16) මියගොස් තිබෙනවා.

මිය යන විට ඇය සය මස් ගැබිණියක් වන බවත්, පසුව ඇගේ කුසේ තිබූ බිලිඳු කලලය ද විනාශ වී ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සනාථ කර තිබේ.

සිය නිවෙසේදී මදුරු දඟරයක් දැල්වීමට ගිනිකූරක් පත්තුකර ඇති මරණකාරිය ගිනිකූර විසිකිරීමෙන් අසල තිබූ භූමිතෙල් බඳුනකට ගිනි ඇවිළී මෙම සිද්ධිය සිදුවූ බව ඇය රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රකාශයක් ලබාදී ඇතැයි කෝපායි පොලීසිය පවසනවා.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියට අවුරුදු හයක දියණියක් ද සිටියි.

මියගිය අයගේ සැමියා යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියකු වන අතර ඔහු සිය බිරිය රෝහල්ගත කරන අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිළුණු බවයි.

යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක් වූ මේ නිලධාරිනිය සිය සේවාව දැඩි කැපවීමකින් ඉටු කළ නිලධාරිනියක වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි නිලධාරිනියකි.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමශිවායම් මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වී ඇත්තේ ඇය මාස හයක ගැබිනි කාන්තාවක් බවත් මව සහ මවගේ කුසේ වූ දරු කලලයත් විනාශ වී ඇත්තේ අධික ලෙස රශ්මියට පත් වී ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයකින් හා දැඩි කම්පනයකින් බවයි.

මියගිය අයගේ මළ සිරුර ආදාහනය නොකර යළි ගොඩ ගැනීමකට හැකිවන පරිදි වෙනම ස්ථානයක මිහිදන් කරන ලෙසට ද නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *