free web stats

මැතිවරණ කොමිසමට ගිය විපක්ෂ නායක

මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරයි.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (18) මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින් හමුවීමට පැමිණි අවස්ථාවෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළා.

“විශේෂයෙන්ම අවධාරණය කළේ මේ අයවැය ක්‍රියාදාමය තුළ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66ක් සහ පක්ෂ රාශියක් ඇති බවත් ඒ කාලවකවානුව තුළදී ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරය ඉටුකරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපි බැඳිලා ඉන්නවා. මාර්තු 21න් පසුව මේ මැතිවරණ වැඩසටහනට යොමුවන්න කියන කාරණය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළේ. මාර්තු 21 වනදාට අයවැය අවසාන ඡන්දය පාර්ලිමේන්තුවේ. ඒක අවසන් වුණ වාහාම මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඔන්න ඔය ඉල්ලීම ඉදිරිපත් කරන් අපි කොමිසමට පැමිණියේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *