free web stats

අලි රංචුවක් දුම්රියේ ගැටෙයි

ගල්ඔය ප්‍රදේශයේ දී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (20) අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවයි.

අනතුරෙන් වන අලින් පස් දෙනෙකු ද මියගොස් ඇති බව සඳහන්.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බලා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *