free web stats

සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු මස 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කළා.

ඊට අමතරව වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමටද අධිකරණය අවසර දුන්නා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය ලබාදුන්නා.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *