free web stats

මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (25) උදෑසන කාලයේ වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරු මෙම ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කළ අයෙකු බව වාර්තා වෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන මිද්දෙණිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි‍.

ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *