free web stats

ඇෆ්ගනිස්තානයේ ජය හමුවේ එංගලන්තය ඉවතට

ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ එංගලන්ත පිල චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට ගියා.

එංගලන්ත පිල මෙවර තරගාවලියේ මුහුණදුන් ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් හමු‍වේ පරාජය වූ අතර, දකුණු අප්‍රිකාව සමඟ තරගය හෙට නියමිතව තිබුණද දැනටමත් තරගාවලියේ අවසන් පූර්ව තරගය අහිමිවී තිබේ.

ඇෆ්ගනිස්තාන පිලේ ඊබ්‍රාහිම් සද්‍රාන් පන්දු 146කදී හයේ පහර 6ක් සමඟ ලකුණු 177ක් ලබා තරගය කණපිට හැරවූ අතර, ඕවර 50 අවසානයේදී කඩුලු 7කට ලකුණු 325ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ඕවර 49.5කදී ලකුණු 317කට සියලු දෙනා දැවී ගියහ. ජෝ රූට් ලකුණු 120ක් ලබා ගත්තද අනෙක් පිතිකරුවන්ගේ සහයෝගය ජයග්‍රහණයට දායක නොවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *