උදෑසනම ලොරියක් පැහැර ගත් සැකකරු ඇල්ලූ මෙහෙයුම
වත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් පැහැරගෙන පලායමින් සිටියදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අසලදී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව කඩුවෙල පොලිසීය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක්ද හමු වූ බවද පොලීසිය සඳහන් කළා.
අදාළ ලොරිරථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවා ගෙන එන අතරතුර, වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල ලොරි රථය නවත්වා තිබෙනවා.
එහිදී ලොරියේ රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලොරිය පැහැරගෙන ඇත.
පසුව ත්‍රී රෝද රථයකින් ලොරි රථය පිටුපස හඹා ගියද අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසිය දැනුවත් කර, එම ලොරි රථයේ GPS ක්‍රියාවලිය මගින් ලොරිය ගමන් ගන්නා මාර්ගය නිරීක්ෂණය කරම්න් නිරන්තර පොලීසිය දැනුවත් කර ඇත
ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අදාල ලොරි රථය නැවැත්වීමට පොලීසිය උත්සාහ ගත්තද, එය ව්‍යාර්ථ වී තිබේ.
පසුව කඩුවෙල දෙසට පැමිණි අවස්ථාවේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් රථය පසුපස හඹා ගොස් ඇත.
එහිදී තලාහේන ප්‍රදේශයේදී සහ කඩුවෙලදී වෙඩි පහර කිහිපයක් එල්ලකර තිබේ.
නමුත් මෝටර් රථ 2ක්, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් හප්පා දමමින් එම ලොරිය ඉදිරියට ගොස් ඇත.
පලායන අතරතුරු ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුපස ගේට්ටුවකටද හානි සිදුවී ඇති බව පොලීසිය පවසයි.
පසුව කඩුවෙල නගරයේදී ලොරිරථයක් යොදා ගනිමින් මාර්ගය හරස් කර, මාර්ග බාධක යොදා තිබූ අවස්ථාවේදී සැකකරු එම ස්ථානයටද පැමිණ නැවත හැරී යාමට සැරසී තිබේ.
එහිදී පොලීසිය විසින් යළිත් වෙඩි පහර කිහිපයක් ලොරි රථයට එල්ල කර එය නවතාගැනීමට කටයුතුකර තිබේ.
කඩුවෙල අධිකරණය සංකීර්ණය අසලදී ලොරි රථය නවතා දමා සැකකරු ඉන් පලාගිය අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පවත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.