free web stats

කෝටි 17 ක හෂීෂ් සමඟ කැනඩා තරුණියක් කටුනායක දී අල්ලයි

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් ඊයේ (09) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියෙකි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඊයේ (09) දින රාත්‍රී 08.35 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිළි 03 ක ඔතා මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය 17kයි 573gක් සඟවා ගෙන තිබියදී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *