free web stats

දිවයින පුරා රෝහල්වල එක් දින සංකේත වැඩ වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී රාජකාරි කටයුතු වල නිරතවන සිටි වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල්වල එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.

එය හෙට උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක කරන බව ද පවසයි.

මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල් හි ක්‍රියාත්මක නොවන බව ද පවසනවා.

හදිසි ප්‍රතිකාර සේවා ද කිසිලෙසකින්වත් අඩාල නොවන පරිදි එම සේවා අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *