වැලිවේරිය වෙඩිතැබීම ගැන තවත් තොරතුරු
වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්රදේශයේදී ඊයේ (13) රාත්රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබුණා.
පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා ගම්පහ දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කෙරුණු බවයි.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසූවා.
වෙඩි ප්රහාරයෙන් එම පුද්ගලයාගේ වම් අතට තුවාල සිදුවී ඇති අතර වෙඩි වැදිමෙන් පසු ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර ඇති බව පැවසෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ සිදුකරයි.