free web stats

මන්ත්‍රී සාලි නලීම් ගේ අස්වීම ගැන කථානායකවරයා දැනුම් දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බව ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසූවා.

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රි වරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *