free web stats

යෝජිත මාතර ක්‍රිකට් ක්‍රිඩාංගනය ගැන මහානාම ගෙන් යෝජනාවක්

මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි විමසා බැලීමක් සිදු කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම පවසනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පසුගියදා පැවැත්විය.

එහිදී තීරණය කෙරුණේ ඊට අවශ්‍ය මූලික කටයුතු මාසයක් තුළ නිම කිරීමටයි.

එවන් පසුබිමක ජාතික ක්‍රීඩා සභාවේ සමාජිකයෙකු මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, මෙවැනි මෙගා ව්‍යාපෘතිවල පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් පිළිබඳ ප්‍රශ්න කළ යුතු බවයි.

වර්තමානයේ අවශ්‍යතාව වන්නේ නව ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා මුදල් වැය කිරීම නොව පාසල් ළමුන්ගේ ක්‍රිකට් කුසලතා වැඩිදියුණු කිරීමට දැනට පවතින පහසුකම් වැඩි දියුණු කිරීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව රොෂාන් මහානාම පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *