free web stats

අනුරපුර රෝහලේ වෛද්‍යවරියගෙන් සොරා ගත් දුරකතනය හමුවෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදුකළ සැකකරු විසින් කොල්ලකන ලද ‘අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබියදී සොයාගත් බව ගල්නෑව පොලිසිය පවසනවා.

පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ගල්නෑව පොලිස් වසමේ නිදිකුම්භා යාය සහ මහමෙව්නා අසපුව අතර කැලෑ කොටසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථනය හමුවූ බව පොලිසිය සඳහන් කළා.

මේ අතර අනුරාධපුර වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ සැකකරු ඊයේ දින (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *