free web stats

දිල්ලි කැපිටල්ස් සමග එක්වූ දසුන් ශානක

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබෙනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර මාර්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගාවලියට එක්වන සියලු කණ්ඩායම් මේ වන විට පුහුණුවීම් ආරම්භ ආරම්භ කර අවසන්.

වසර දෙකක IPL තහනමකට ලක්ව සිටින හැරී බෘෘක් වෙනුවට දසුන් ශානක මෙවර තරගවාරය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවති ඉන්ටර්නැෂනල් ලීග් 20-20 තරගාවලියේදී ශුරතාව දිනූ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන දසුන් ශානක එම තරගාවලියේදි දැක් වූ දක්ෂතා හේතුවෙන් මෙවර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා තිබේ.

ඒ අනුව දසුන් ශානක මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව සිටින අතර මෙම කැඳවීම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් කළමනාකාරීත්ව ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *