free web stats

දේශබන්දු අධිකරණයට බාර වූ හේතුව

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ කඩුවෙල පිහිටි නිවසක තිබී ඔහුගේ නිල රිවෝල්වරය සහ ජංගම දුරකථන දෙකක් සමඟ විදේශීය විස්කි බෝතල් 795ක් හා වයින් බෝතල් 214ක් පමණ ඊයේ(18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට ආසන්නව සිටිය දී දේශබන්දු තෙන්නකෝන් මහතා අද(19) මාතර අධිකරණයට බාර වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා අවසන් වරට භාවිත කළ ජංගම දුරකථන දෙක මගින් ඔහු අවසන්වරට ඇමතූ දුරකථන අංක පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඒ ඔස්සේ පරීක්‍ෂණ මෙහෙයවූ පොලිස් කණ්ඩායම් ඉතා සාර්ථකව ඉදිරියට ගිය අතර අද දින බොහෝ විට දේශබන්දු පොලීසියට කොටුවීමට නියමිතව සිටි බව ආරංචි මාර්ග තහවුරු කළා.

එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු අද මෙලෙස අධිකරණයට බාර විය.

ඊට අමතරව පොලිසිය විසින් ඔහුගේ දේපළ රාජසන්තක කිරීම සදහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද අද ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

දේශබන්දු තෙන්නකෝන් විශාල වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන අතර ඔහුට හිමි නිවාස 05ක් මේවන විට පොලිසිය විසින් හදුනාගෙන පරික්‍ෂවට ලක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *