free web stats

හයපොළකට පිහියෙන් ඇන්න පෙම් කතන්දරේ

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක් තුළදී සිය පෙම්වතා විසින් පිහියකින් ඇන තරුණියක ඝාතනය කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.

පෙරේදා (18 දා) පස්වරුවේ මෙම ඝාතනය සිදුව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි විමල්කා තුෂාංගි සිල්වා නැමති තරුණියකි.

දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පෙම්වතා සිය පෙම්වතියට ඇයගේ නිවස තුළදීම මෙසේ පිහියකින් ඇන ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් පෙම්වතියගේ පපු ප්‍රදේශයට දරුණු පිහි ප්‍රහාර කීපයක් එල්ල වී ඇත. ඇයව මීගමුව රෝහලට ගෙනයන අතරතුර මියගොස් තිබේ.

තරුණිය ඝාතනය කළ තරුණයා මාරවිල ගොඩවෙල මංසන්ධිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු ද 21 වැනි වියේ පසුවේ.

පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසු ඔහු නීතිඥයකු මාර්ගයෙන් වෙන්නප්පුව පොලිසියට භාර වී තිබේ.

පාසල් වියේ සිට දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන යන බවත්, මෑත කාලයේ සිට මියගිය තරුණිය වෙනත් අයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවට සැක සිතමින් නිරන්තරයෙන් දෙදෙනා අතර මත ගැටුම් ඇති වී ඇත.

සිද්ධිය වූදා ඇය සිය වැඩිමහල් සොයුරිය සේවය කරන පෙර පාසලට ගොස් පැමිණ සුළු වේලාවකින් පසු තරුණයා යතුරුපැදියකින් ඇයගේ නිවසට පැමිණ ඇත. පසුව මෙම ප්‍රේම සම්බන්ධය නතර කරන මෙන් ඇයට තර්ජනය කර ගෙල ප්‍රදේශයෙන් අල්ලාගෙන සිටින අවස්ථාවේ සොයුරිය පැන ඔහුව අල්ලා ගැනීමට තැත් කරද්දී, පිහියකින් පෙම්වතියගේ අත් ප්‍රදේශයට සහ පපුවට දරුණු පිහි ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

වෙන්නප්පුව මූලස්ථාන ප්‍ර.පො.ප. තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *