free web stats

බැලුම් බෝලයක් පුංච් ජීවතයක් බිලිගනී

නෙළුව කිනියාවල ධනවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි පාසල් දරුවකු බැලුම් බෝලයක් සිරවීමෙන් මිය ගොස් ඇති බැව් නෙළුව පොලිසිය පවසනවා.

පෙරේදා (19 දා) පස්වරුවේ මියගිය පාසල් දරුවා සිය නැගණිය සමග නිවසේ සෙල්ලම් කරමින් සිට් අතර එහිදී මෙම දරුවා බැලුම් බෝලයක් මුඛයේ රඳවාගෙන සෙල්ලම් කරමින් සිට් බවයි පැවසෙන්නේ.

එම බැලුම් බෝලය මෙම දරුවාගේ උගුරේ සිරවී ඇති අතර ඒ නිසා දරුවා නෙළුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මියගොස් ඇත්තේ නෙළුව ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක පහ ශ්‍රේණිය ඉගෙනූ ලැබූ සිසුවෙකි.

මියගිය පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20) උඩුගම රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *