චිකුන්ගුන්යා රෝග අවදානමක්
වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ කියා සිටී.
වෛද්‍යවරු කියා සිටින්නේ මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් චිකුන්ගුන්යා රෝගය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවය.
අප්‍රිකාවල අමෙරිකාවල යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙස චිකුන්ගුන්යා රෝගය මේවනවිට හඳුනාගෙන ඇත.
”චිකුන්ගුන්යා” වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මිනිසුන්ට රෝගය පැතිරෙන අතර රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන් බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද රෝගය පැතිරීම සිදුවේ.
සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ මෙරට තුළ යළිත් චිකන්ගුන්යා රෝගය ව්‍යාප්තවීමේ තත්ත්වයක් මතුව ඇති බවය.