free web stats

දකුණු කොරියානු වැඩබලන ජනපති නැවත සේවයට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දෝෂාභියෝගයකින් ඉවත් කළ දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයාව සිටි අගමැති හැන් ඩක් සොන් නැවත වැඩබලන ජනාධිපති ධුරයේ පිහිටුවීමට දකුණු කොරියානු ව්‍යවස්ථාදායක අධිකරණය විසින් පියවර ගෙන තිබේ.

දකුණු කොරියානු ව්‍යවස්ථාදායක අධිකරණය විසින් මේ අනුව වැඩබලන ජනාධිපති සොන් ට එරෙහිව ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය නිෂ්ප්‍රභා කර තිබේ.

දකුණු කොරියාව තුළ යුද නීතිය පැනවූ හිටපු ජනාධිපති යුන් සුක් යියෝල්ගේ වැඩ තහනම් කර ඔහුව දෝෂාභියෝගයක් හරහා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු රටේ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අගමැති සොන් ව පත් කර තිබුණා.

එහෙත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දෝෂාභියෝගයකින් අගමැති සොන්වද වැඩබලන ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් රටේ වැඩබලන නායකයා වශයෙන් කටයුතු කිරීමට උප අගමැති චොයි සංග් මොක්ට සිදුව තිබුණා.

නැවත වැඩබලන ජනාධිපති ධුරයට පත් වීමත් සමගම අගමැති සොන් ව්‍යවස්ථාදායක අධිකරණයට නව විනිසුරුවරුන් පත් කිරීමට විපක්ෂය විසින් ගත් උත්සයහය අවහිර කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *