free web stats

මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පුද්ගලයින් 1,670ක් පමණ තුවාල ලබා ඇති බවයි.

එරට හමුදා පාලනය මේ බව තහවුරු කර තිබෙනවා.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12:50ට පමණ ඇතිවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේ නමුත් එම භූ කම්පනයෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවී තිබේ.

මෙම භූ කම්පනවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී තිබුණි.

ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *