free web stats

ත්‍රිරෝද ගාස්තු වලට මොකද වෙන්නේ

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ
ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවයි.

“පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රු 10 ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ. මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම තියෙනවා. ඒ නිසා ශත 50ක් රු 10ක් අඩු කරත් උත්තරය ඒක නෙමෙයි. වඩාත් ඵලදායි විශ්වාසවන්ත ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීම තමා අපේ පළමු අරමුණ. මේ රු 10ක් අඩු කිරීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකිරීමක් සිද්ධ වෙන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *