free web stats

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැතිවරයා දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය රජයට අයත් ඉන්දියා 01 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙරට සංචාරයේ නිරත ඉන්දීය දූත පිරිසේ 60 දෙනෙකු පැමිණ සිටින අතර ඊට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාද සිටීම විශේෂත්වයකි.

ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සඳහා පැමිණ තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මැදිරිය තුළ පිළිගැනීමේ කටයුතු සූදානම් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *