free web stats

මියන්මාරයට ආධාර රැගත් පළමු ගුවන් යානය අද පිටත් වෙයි

මියන්මාරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය අද (05) දින මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම ගුවන් යානය සඳහා වෛද්‍ය කණ්ඩායමක් සහ විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද අයත් වේ.

අදාළ ගුවන් යානය අද පෙරවරු 7.45ට මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *