සීදුව වෙඩිතැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් එලියට
සීදුව 18 කණුව ප්‍රදේශයේදී ජුකී මැෂින් අමතර කොටස් අලෙවිසලක හිමිකරුවකු බව කියන ඉඳිකටු ජූඩ් නමැත්තා පාතාල කුලී ඝාතකයන් විසින් ඊයේ (08 දා) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගිහාන් ෆොන්සේකා නමැත්තාගේ නියෝග මත බවට පොලිසිය සැක පහළ කරනවා.
මීට වසර 3කට පෙර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයකින් පාතාල නායකයකු බව කියන ලලිත් පින්තු නමැත්තා මරුමුවට පත් වූ අතර ඒ සඳහා ඔත්තු ලබාදුන්නේ ඉඳිකටු ජූඩ් නමැත්තා බවට සැකකර ඔහු මෙසේ ඝාතනය කරන්නට ඇති බව පොලිසිය පවසන්නේ.
ඉඳිකටු ජූඩ් නමැත්තා සීදුව 18 කණුව ප්‍රදේශයේ සිය අලෙවිසල තුළ සිටයදී යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයන් පිස්තෝල අවියකින් ඔහුට වෙඩි තබා පලාගොස් තිබුණා.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ජූඩ් නමැත්තා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.
ප්‍රසන්න ජූඩ් ප්‍රනාන්දු නොහොත් ඉඳිකටු ජූඩ් නැමැත්තා ජුකී මැෂින් අමතර කොටස් අලෙවිසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකි.
මොහු මීට වසර 3කට පෙර කොළඹ බේස්ලයින් මාර්ගයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ලලිත් පින්තු නමැති පාතාල ප්රබලයාගේ හිතවතෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකාය ලලිත් පින්තු නමැත්තාට වෙඩි තබන අවස්ථාවේ ජූඩ් නමැත්තා ද මොහු සමග එහි සිට ඇත.
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙද්දී එම නිලධාරීන් සිදුකළ ප්‍රහාරයෙන් ලලිත් පින්තු ඝාතනයට ලක්විය.
ලලිත් පින්තු නමැත්තා පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකි. ගිහාන් ෆොන්සේකා නමැති පාතාල නායකයාගේ නියෝග මත එම ඝාතනය කරන්නට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
ගිහාන් ෆොන්සේකා ද මාකඳුරේ මධුෂ් සමග එකට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙකි.
සීදුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.