free web stats

පොලීසියට වෙනම වැටුප් ව්‍යුහයක්

පොලීසියට අදාළව වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේ දී පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

එමෙන්ම දැනටමත් ඊට අදාළ කෙටුම්පතක් වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කර ඇතැයි ද ආනන්ද විජේපාල මහතා පැවසූවා.

මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර 2026 වසරේ දී අයවැය යෝජනාවලට අදාළ වැටුප් ව්‍යුහය ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බව ද ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් කියා සිටි­යා.

පොලිස් සේවයේ ඇති විශාල ගැටලු ප්‍රමාණයක්
විසඳාගැනීමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසූවා.

දේශපාලනීකරණය වී ඇති පොලීසිය ඉන් මුදවා ගැනීමට මේ වනවිට කටයුතු කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ගම් තුළ ආරක්ෂක කමිටු පිහිටුවීම රජයේ අරමුණ බව ද සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *