free web stats

රටේම රිළවු ලක්ෂ 80 ක්

දිවයින පුරා රිළවුන් ලක්ෂ 80 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ .
ඒ කෘෂි භෝගවලට හානි කරන සතුන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය සති කිහිපයකට පෙර කරන ලද සංගණනයේ දත්තවලට අනුවය .
එම දත්ත අනුව , වඳුරන්ද ලක්ෂ 40 ක් පමණ සිටින බව වාර්තා වේ .
රට පුරා ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව මෙම සංගණනය සිදු කෙරිණි. කෙසේ නමුත්, මෙම සංගණනයේ දත්ත සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවට තහවුරුවී ඇත. ඊට හේතුවී ඇත්තේ ඇතැමුන් රිළවුන් සහ වඳුරන් ගහනය වැඩි අගයකින් සංගණන පත්‍රිකාවේ සඳහන්කර තිබීමය.
එම ගැටලු සහිත දත්ත නිවැරදි කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශවල නැවත සමීක්ෂණයක් සිදු කිරීම අමාත්‍යාංශය ආරම්භ කරඇත . ඒ අනුව අමාත්‍යංශයේ නිලධාරීන් ඒ සඳහා මැදිහත්ව ඒ කටයුතු සිඳු කරන්නේය .
මිහින්තලේ, කැකිරාව ආදී ප්‍රදේශ ආශ්‍රිතව එම සමීක්ෂණ කටයුතු පසුගියදා නැවතත් සිදු කෙරුණේ එම මෙහෙයවීම මතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *