free web stats

පාස්කු ප්‍රහා­රයෙන් ම්යැදුනු පිරිස වෙනුවෙන් ප්‍රධාන අනුස්මරණ දේවමෙහෙය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේවමෙහෙය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

එම දේවමෙහෙය සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් ද සහභාගී විය.

ඒ අනුව උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාදකිරීමෙන් පසු මියගිය පිරිස සිහිකර මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීම සිදුකෙරුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *