මිය ගිහින් මාස අටකට පසු ගෙදරින් හමුවූ සිරුර
කැස්බෑවේ ප්රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඊයේ (28) රාත්රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව, මඩපාත, මාකන්දන, බටුවන්දර ප්රදේශයේ නිවසක් තුළ තිබියදී බව පොලීසිය පවසයි.
මළ සිරුර මේ වනවිට හඳුනාගත නොහැකි ආකාරය දිරා ගොස් ඇති බවත් මරණය මීට මාස 8ට පමණ ඉහතදී සිදුවී ඇති බවත් පොලීසිය සඳහන් කළා.
මිය ගොස් ඇත්තේ, කාන්තාවක් විය හැකි බවට පොලීසිය සැක කරයි.
ස්ථානීය මහෙස්ත්රාත් පරීක්ෂණය අද (29) සිදු කිරීමට නියමිත අතර කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.