free web stats

මළගෙදරට පැමිණි මාරයා

අවමංගල්‍ය උත්සවයකදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී කාලයේදී සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමට පැමිණ සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වූ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සහ සැකකරු අතර කලක සිට තිබූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *