free web stats

මැයි රැලි බස් අධිවේගයේ නතර කරන්න ඉඩදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

මැයි දින රැස්වීම්වලට සහභාගී වූ පිරිසක් රැගත් බස්රථ 20කට ආසන්න ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ අනාරක්ෂිත අන්දමින් ගාල්කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග පොලිසියේ නිලධාරීන් පිරිසකට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, එම බස්රථ අනාරක්ෂිත ආකාරයට ගාල්කර තැබීමට ඉඩදුන් පොලිස් නිලධාරීන් කීපදෙනකු වැඩ තහනමට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවද පොලිස් ආරංචිමාර්ග පවසනවා.

මැයි දින රැලිවලට සහභාගී වූ විශාල පිරිසක් ඔවුන් ගමන් ගත් බස්රථ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ නතර කර ආහාර ගනිමින් මත්පැන් පානය කරමින් ශරීර කර්තව්‍යයන්ද ඉටුකරගනිමින් සිටින ආකාරය සමාජ මාධ්‍යජාලා තුළින් ප්‍රචාරය කෙරුනා.

මේ ආකාරයට අධිවේගී මාර්ගය තුළ වාහන නතර කර තැබීම ඉතාම අනතුරුදායක තත්ත්වයක් බව පවසන රථවාහන පොලිසිය, එම ක්‍රියාව නතර කිරීමට කටයුතු නොකළ නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *