free web stats

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට

අපවත් වී වදාළ රූපවාහිනි සහ ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කථික, සද්ධර්මකීර්ති, ශාසන අභිමානි, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ජුනි 01 වැනිදා පස්වරුවේ දොම්පේ ඕල්කට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දොම්පේ ශ්‍රී කල්‍යානි යෝගාශ්‍රමය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම ආදාහන උත්සවය එදින දහවල් 12.30ට ආරම්භ කිරීමට නියමිතයි.

කාලයක සිට රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29 දා) අපවත් ව්ය.

මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පංච මහා යෝගාශ්‍රමාධිපති බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණෝ දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාවේ.

මේ වනවිට උන්වහන්සේගේ ශ්‍රී දේහය දොම්පේ කල්‍යාන ධර්මාශ්‍රමයේ තැන්පත් කර තිබේ.

මේ වන ව්ට උන්වහන්සේගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *