කෝවිලේ පොකුණේ ෆොටෝ ගන්න ගිය සිසුවියෝ මාරයා දකියි
මුලතිව්, කොමලමුණේ කොට්ටුක්කිනත්තු පිල්ලයර් කෝවිලේ පිහිටි ගැඹුරු පොකුණක ගිලී සිසුවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය සඳහන් කරනවා.
අදාළ පොකුණට බැස ජංගම දුරකථනයකින් ඡායාරූප ගැනීමට උත්සාහ දැරීමේදී මෙසේ එම සිසුවියන් දෙදෙනා දියේ ගිලී ඇති බව පොලිසිය මූලික විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.
එහිදී තවත් දැරියක කෑකෝ ගැසීමත් සමග ප්‍රදේශවාසීන් පැමිණ දියේ ගිලුණු දැරියන් දෙදෙනා වහාම පොකුණෙන් ගොඩගෙන මන්චෝලේ රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ භුතන්වයල් මාමුලේ ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියන් දෙදෙනකි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.