free web stats

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය­ අද

හොඳම තීරක-හොඳම විනි­සුරු-ක්‍රීඩා­වට කළ සේවය වෙනු­වෙන් ගෞරව සම්මාන 6ක්
වනිඳු සම්මාන 4කට නිර්දේශ වෙද්දී චම­රිගේ නම සම්මාන 6කටම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය මඟින් සංවි­ධාන කරන හෝම් ලෑන්ඩ් සමූහ ව්‍යාපා­රයේ අනු­ග්‍ර­හ­යෙන් පැවැ­ත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී වසරේ දක්ෂ­තම ක්‍රිකට් ක්‍රීඩ­ක­යාට හා දක්ෂ­තම ක්‍රීඩි­කා­වට හිමි සම්මාන ඇතු­ළත් ගෞරව සම්මාන 46ක් පිරි­නැ­මී­මට කට­යුතු යොදා තිබෙනවා.

කොළඹ සින­මන් ලයිෆ් හෝටල් පරි­ශ්‍ර­යේදී අද පස්ව­රුවේ පැවැ­ත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී ගෙවී­ගිය වසරේ ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා වෙනු­වෙන් සම්මාන 18ක් හා දේශීය ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා වෙනු­වෙන් සම්මාන 20ක් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට හිමි­වන අතර, වසරේ හොඳම තරග තීරක, හොඳම විනි­සුරු හා ක්‍රිකට් ක්‍රීඩා­වට කරන ලද ගෞර­ව­නීය සේවය වෙනු­වෙන් ජීවි­ත­යට එක්ව­රක් පිරි­නැ­මෙන ගෞරව සම්මාන 6ක් පිරි­නැ­මී­මට ද කට­යුතු යොදා ඇත.

වනිඳු හස­රංග හොඳම එක්දින පන්දු යවන්නා, හොඳම එක්දින තුන් ඉරි­යව් ක්‍රීඩ­කයා, හොඳම විස්සයි20 පන්දු යවන්නා හා හොඳම විස්සයි20 තුන් ඉරි­යව් ක්‍රීඩ­කයා යන සම්මාන 4ටම නිර්දේශ වී ඇති අතර, ක්‍රීඩි­කා­වන්ට පිරි­නැ­මෙන සම්මාන හය­ටම චමරි අත­ප­ත්තුගේ නම නිර්දේශ වී තිබීම කැපී පෙනේ.

ධනං­ජය ද සිල්වා හොඳම ටෙස්ට් පිති­කරු හා හොඳම ටෙස්ට් තුන් ඉරි­යව් ක්‍රීඩ­කයා යන සම්මාන දෙකට නිර්දේශ වී ඇති අතර, පැතුම් නිශ්ශංක හොඳම එක්දින පිති­කරු හා හොඳම විස්සයි20 පිති­කරු යන සම්මාන දෙක­ටත්, මහීෂ් තීක්ෂණ හොඳම එක්දින පන්දු යවන්නා හා හොඳම විස්සයි20 පන්දු යවන්නා සම්මා­න­ව­ලට නිර්දේශ වී සිටී. ටෙස්ට් තරග බිමෙන් සමු­ගැ­නීමේ සූදා­න­මින් සිටින ඇන්ජලෝ මැතිව්ස් හොඳම විස්සයි20 පිති­කරු හා හොඳම විස්සයි20 තුන් ඉරි­යව් ක්‍රීඩ­කයා සම්මා­න­යට නිර්දේ­ශව සිටී.

පසු­ගිය වසරේ දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටිය තුළ සිදු­ක­රන ලද කැප­කි­රීම් සහ වෙහෙස මහ­න්සිය වෙනු­වෙන් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ගෞරව සම්මා­න­යට පාත්‍ර කිරීම මේ ක්‍රිකට් සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වයේ අර­මු­ණවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *