free web stats

මාලි­මාව ආරා­ධනා කළොත් කොළඹ නගර සභා­වට එජාප සහාය දෙනවා

කොළඹ නගර සභාවේ බලය පිහි­ටු­වන්න මාලි­මාව ආරා­ධනා කළොත් මාලි­මා­වට සහ­යෝ­ගය ලබා දෙනවා යැයි ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ගම්පහ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක අජිත් මාන්න­ප්පෙ­රුම මහතා පවසනවා.

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී අජිත් මාන්න­ප්පෙ­රුම මහතා මෙම අද­හස් පළ කළේ ගම්පහ ආස­නයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමු­ව­ක­දීයි.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

කොළඹ නගර සභාව නන්න­ත්තාර වෙන්න දෙන්නෙ නැතිව බලය පිහි­ටු­වන්න එක්සත් ජාතික පක්ෂ­යට මාලි­මාව ආරා­ධනා කළොත් අපි මාලි­මා­වට සහ­යෝ­ගය දෙනවා. එක්සත් ජාතික පක්ෂ­යට සමගි ජන බල­වේ­ගය ආරා­ධනා කළොත් සමගි ජන බල­වේ­ග­යට සහ­යෝ­ගය ලබා දෙනවා.

අපි බලන්නේ පක්ෂය මොකක්ද කියලා නෙමෙයි. කොළඹ නගර සභාව ස්ථාපිත කරන්නේ කොහො­මද කියලා.

එක්සත් ජාතික පක්ෂ­යත් එහි නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාත් හිතන විදිහ තමයි රට හා පළාත් පාලන ආය­තන නන්න­ත්තාර වෙන්න නොදී හරි නාය­ක­ත්ව­යක් හරි­ග­ස්සලා බලය පිහි­ටු­වී­මට සහ­යෝ­ගය ලබා දීම. එදත් මේ රටට නාය­ක­ත්ව­යක් අවශ්‍ය වෙච්ච වෙලාවේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා තමයි කොන්දේසි විර­හි­තව රට භාර ගෙන මේ රට බේරලා දුන්නෙ . ඉතින් ඒ වගේ තමයි කොළඹ මහ නගර සභාව විත­රක් නෙමෙයි යම් පළාත් පාලන ආය­ත­න­යක් බලය පිහි­ටුවා ගන්න බැරිව නන්න­ත්තාර වෙන­වා­නම් එක්සත් ජාතික පක්ෂය සූදා­නම් අවශ්‍ය සහ­යෝ­ගය ලබා දෙන්න යයි ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *