පෙම්වතා බය කරන්න ගිහින් පෙම්වතිය මරු තුරුලේ
පෙම්වතා කතා නොකිරීම නිසා සිත් වේදනාවට පත් පාසල් සිසුවියක් විෂ සහිත ගෙඩි වර්ගයක් කෑමෙන් රෝගීව මියගොස් ඇතැයි දියබෙදුම පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ දියබෙදුම කටුකැලියාව ගම්මානයේ පදිංචි 17 හැවිරිදි තරුණියකි.
ගිරිතලේ ප්‍රදේශයේ විදුහලක උසස් පෙළ විභාගයට ඉගෙනුම ලැබූ ඇය පොලොන්නරුව සුංගාවිල ප්‍රදේශයේ තරුණයකු සමඟ සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව ද ටික දිනක සිට තරුණයා කතා නොකළ නිසා සිත් තැවුලට පත්ව ගිරිතලේ 5 කණුව ගම්මානයේ ඇයගේ ආච්චිගේ නිවසේදී මෙසේ විෂ සහිත ගෙඩි වර්ගයක් කා තිබේ.
මේ විෂ ගෙඩි ආහාරයට ගෙන ඇත්තේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණයා බිය ගැන්වීමට මිස ජීවිත හානි කර ගැනීමට නොවේ යැයි ඇය මිය යෑමට පෙර ආච්චි සමඟ පවසා ඇති බව ද මරණ පරීක්ෂණයේ දි අනාවරණය වී තිබේ.
විෂ ගෙඩි කෑමෙන් රෝගාතුර වූ ඇය පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. ඇයගේ මරණ පරීක්ෂණය පොලොන්නරුව රෝහලේ දී සිදු කෙරුණු අතර දියබෙදුම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.