free web stats

සාම්ප්‍රදායික දේශපාලනය අද ප්‍රතික්ෂේප වෙලා

සාම්ප්‍රදායික පරණ දේශපාලනය මෙරට ජනතාව අතරින් ප්‍රතික්ෂේප වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.

මොනරාගල, වැල්ලවාය ප්‍රදේශයේ පසුගියදා (08) පැවැති සර්ව ජනබල පක්ෂයේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අප කැමැති වුණත්, අකමැති වුණත් එම ගෞරවයේ විශාල කොටසක් මෑතකාලීන දේශපාලනයේ හිටපු දේශපාලනය එපා කරන්න අවසාන භාගයේ කටයුතු කරපු දේශපාලඥයන්ට හිමි වෙනවා.

හොරු අල්ලන්න තමයි යහපාලන ආණ්ඩුව ආවෙත්. අනුර කුමාර දිසානායක මහත්මයගේ දූෂණ විරෝධි කමිටුව තිබුණෙත් යහපාලන ආණ්ඩුව කාලයේ. ඒත් අල්ලපු හොරෙක් නැහැ. හොර අල්ලන්න ගියා නම් පැලවත්තත් සීල් තියන්න වෙනවා. මේ දේශපාලනය ජනතාවට එපා කරවලා තිබෙන්නේ. මේ රටට අනාගතයක් නැහැ කියන බය අපිට ඇති කරලා තිබෙන්නේ. එම නිසයි අපි මොනව හරි කරන්න ඕනෑ කියලා ඉදිරිපත් වුණේ. එහෙම නොවුණොත් මේ රට දවසින් දවස වළ පල්ලට යනවා. විසඳුමක් නැතුව මේ දේශපාලනය කරලා වැඩක් නැහැ. දේශපාලනය කරනවා නම් බොරු පොරොන්දු දීල වැඩක් නැහැ. ඉන් කාටවත් පලක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි විසඳුමක් කතා කරන්න ඕනෑ. ඒකට තමයි සර්ව ජනබලය ඉන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය පෙළ ගැසීම සිදු කරමින් ඉන්නවා. සැලසුම් සකස් කර තිබෙනවා. එම නිසා තමයි ජනතාව අපිට මෙවර පළත් පාලන මැතිවරණයේ දී වැඩි බලයක් ලබා දී තිබෙන්නේ. අපි එය ආරක්ෂා කර ගනිමින් ජනතා ජයග්‍රහණයන් කරා රට ගෙනියන්න කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *