free web stats

එළ­වළු ව්කුණනවා වගේ හොර වාහන කෑලි ගලවා වික්ක කල්ලිය මාට්ටු

නුව­ර­එ­ළියේ සිට කොළ­ඹට එළ­වළු ප්‍රවා­හ­නය කරන මුවා­වෙන් නිවෙ­ස්වල තිබෙන වාහ­න­වල කෑලි ගලවා විදේ­ශ­යෙන් ගෙන්වන අම­තර කොටස් බවට ඇසු­රුම් කොට ඉතා සූක්ෂ්ම ලෙස අලෙවි කළ සංවි­ධා­නා­ත්මක කල්ලි­යක නායක හිටපු යුද හමුදා සෙබ­ළකු ඇතුළු තිදෙ­නකු මතු­ගම සහ අග­ල­වත්ත පොලිස් ඒකා­බද්ධ මෙහෙ­යු­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

අග­ල­වත්ත, බේර­ගම ප්‍රදේ­ශයේ නිවෙ­සක් ඉදි­රි­පිට ඉකුත් දා නවතා තිබූ මෝටර් රථයේ ඉදිරි විදුලි ලාම්පු සහ එම මෝටර් රථයේ ඉදි­රි­පස තවත් කොටස් කිහි­ප­යක් අතු­රු­දන් බවට අග­ල­වත්ත පොලී­සි­යට ලද පැමි­ණි­ල්ල­කට අනුව සිදු කළ විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රදේ­ශයේ ආර­ක්ෂිත කැමරා නිරී­ක්ෂ­ණය කිරී­මේදී ප්‍රදේ­ශය හරහා ගමන් ගන්නා කුඩා ප්‍රමා­ණයේ ලොරි රථ­යක් පිළි­බ­ඳව සැක සිතී සිදු කළ සොයා බැලී­මේදී එම ලොරි රථය කුලී පද­නම මත නුව­ර­එ­ළියේ සිට කොළඹ දක්වා එළ­වළු ප්‍රවා­හ­නය සඳහා ලබා­ගත් එකක් බවට තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

එම ලොරිය මතු­ගම, කීර­න්ති­ඩිය ප්‍රදේ­ශයේ නිවෙ­සක තිබෙන බවට ලද තොර­තු­රක් මත මතු­ගම සහ අග­ල­වත්ත පොලීසි මගින් පරීක්ෂා කිරී­මට යෑමේදී එම නිවෙසේ තිබූ මෙම මෝටර් රථ­වල විදුලි ලාම්පු තොග­යක් සොයා­ගෙන, ඒ සම්බ­න්ධ­යෙන් සැක­පිට එම නිවෙසේ සිටි පුද්ග­ල­යන් තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, එහිදී සිදු කළ විම­ර්ශ­න­ය­කදී මෙම සොර­කමේ සියලු තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත.

ඒ අනුව, නුව­ර­එ­ළිය ප්‍රදේ­ශයේ පදිංචි මෙම සොර­කමේ ප්‍රධාන සැක­කරු හිටපු යුද හමුදා සෙබළා සහ මතු­ගම, කීර­න්ති­ඩිය සහ මතු­ගම, පාන්තිය ප්‍රදේ­ශයේ පුද්ග­ල­යන් හා එක්ව මෙම සොර­කම සිදු කර ඇති බවට අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

මොවුන් තිදෙනා එක්ව දහ­වල් කාල­යේදී යතු­රු­පැ­දි­යක් ද යොදා­ගෙන පයා­ගල, මතු­ගම, වැලි­පැන්න, වාද්දුව, හොරණ, ඇල්පි­ටිය, දොඩං­ගොඩ ප්‍රදේ­ශ­වල නිවෙස් සහ විහා­ර­ස්ථාන ඉදි­රි­පිට නවතා ඇති මෝටර් රථ පිළි­බ­ඳව හඳු­නා­ගෙන රාත්‍රී කාල­යේදී මොවුන් තිදෙනා ලොරි රථය යොදා­ගෙන එම වාහ­න­වල අම­තර කොටස් ගලවා රැගෙ­න­විත් මතු­ගම, කීර­න්ති­ඩිය ප්‍රදේ­ශයේ නිවෙ­සේදී ඒවා විදේ­ශ­ය­න්ගෙන් ආන­ය­නය කරන ලද අම­තර කොටස් බවට හඟ­වන ආකා­ර­යට ඇසු­රුම් කොට කඩ­වත, මිනු­ව­න්ගොඩ හා බිය­ගම ආදී ප්‍රදේ­ශ­වල පිහිටි වාහන කොටස් අලෙවි ස්ථාන වෙත අලෙවි කොට ඇති බව සොයා­ගෙන තිබේ.

මෙම මෙහෙ­යු­මේදී සොර­කම් කරන ලද වාහන විදුලි ලාම්පු 27ක්, ඉදිරි බොනට් එකක් සහ මෝටර් රථ ඉදිරි බෆර් කිහි­ප­යක් ද පොලී­සිය සොයා­ගෙන ඇත. මෙම අම­තර කොට­ස්වල වටි­නා­කම ලක්ෂ 70ක් පමණ වන බව පොලී­සිය පව­සයි. සොර­ක­මට සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට පත් ප්‍රධාන සැක­කරු හිටපු පාබල හමුදා සෙබ­ළෙකි. ඔහු යුද හමු­දා­වෙන් පැන ගිය සෙබ­ළකු බව අනා­ව­ර­ණය වී තිබේ. පොලී­සිය පැව­සුවේ, ඔහුට විරු­ද්ධව මීට පෙර දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල වාහන අම­තර කොටස් සොර­කම් සම්බ­න්ධ­යෙන් චෝදනා රැසක්ම පව­තින අතර, ඔහුට විරු­ද්ධව විවෘත වරෙන්තු කිහි­ප­යක් ද පව­තින බවයි.

සොර­කම සිදු කිරීම සඳහා භාවිත කළ කුලී පද­න­මට ගත් ලොරි රථය සහ යතු­රු­පැ­දිය ද මේ වන විට අග­ල­වත්ත පොලී­සිය භාරයේ පව­තියි.

අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­වන් පෙරේදා (15) මතු­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *