free web stats

කොළඹ නගර සභාවේ බලය මාලීමාව තහවුරු කරගනී

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද උදෑසන 9.30 ට ආරම්භ ව්ය.

ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පසුව දෙපාර්ශවයෙම එකඟතාවයෙන් රහස් ඡන්දයකින් නගරාධිපතිවරයා පත්කර ගැනීමට ඒකමතිකව තීරණය විය.

කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම කලින්ම යෝජනා කර තිබුණි.

ඒ අනුව බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පැවැත්වූ රහස් ඡන්ද විමසීමේ දී කොළඹ නගර සභාවේ පුරපතිවරිය වශයෙන් ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ මහත්මිය තේරී පත්ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *