වසර අවසානය දක්වාම ගිවිසුම්ගත අයුරින් ඉන්ධන ලැබෙනවා
ගිවිසුම්ගත ආකාරයට මේ වසර අවසානය දක්වාම අවශ්‍ය ඉන්ධන ලැබීමට නියමිතව ඇති හෙයින් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමෙන් වළකින ලෙස බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අවධාරණය කරයි.
සියලු වර්ගයේ ඉන්ධන අවශ්‍ය තරම් තොග අගෝස්තු මාසය දක්වා ගබඩා සතුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ඉන්ධන හිඟයක් නොමැති හෙයින් බූලි, බැරල් ආදියට ඉන්ධන අනවශ්‍ය ලෙස රැස් කර ගැනීමෙන් වළකින ලෙස ද ඇමැතිවරයා කියා සිටියා.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී.
ගල්ෆ් කලාපයේ ඇතිව ඇති යුදමය තත්ත්වය සහ ඒ හා සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව නොමඟයවනසුලු ප්රවෘත්ති පළ වීම හේතුවෙන් සැබෑ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.