free web stats

උතුරු ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත.

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව තිබේ.

මින් සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නොමැති වුවත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවී ඇති බව සඳහන්.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවන්හි දැක්වේ.

One thought on “උතුරු ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

  • June 21, 2025 at 10:39 am
    Permalink

    ශුද්ධ වූ දේශයට බලපැම් කිරීමට කාටවත් බැරිය…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *