free web stats

2025 පළමු කාර්තුවේදී ඝෘජු විදෙස් ආයෝ­ජන වල වර්ධ­නයක්

2024 වසරේ පළමු කාර්තු­වට සාපේ­ක්ෂව 2025 වසරේ පළමු කාර්තුවේ සෘජු විදේශ ආයෝ­ජන ඩොලර් මිලි­යන 96කින් වර්ධ­නය කර ගැනී­මට ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය සමත් වී තිබෙනවා.

මේ බැව් අනා­ව­ර­ණය වූයේ පසු­ගි­යදා (20) පෙර­ව­රුවේ ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලයේ ප්‍රගති සමා­ලෝ­ච­න­යේ­දීය.

2024 වසරේ පළමු කාර්තු­වට සාපේ­ක්ෂව, 2025 වසරේ පළමු කාර්තු­වේදී දේශීය ආයෝ­ජන ඩොලර් මිලි­යන 21කින්ද, අප­න­යන ආදා­යම ඩොලර් මිල­යන 176කින්ද වර්ධ­නය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලයේ ශ්‍රී ලංකා­වට ඩොලර් මිලි­යන 4669ක ආයෝ­ජන යෝජනා ලබා ගැනී­මට හැකි වී තිබෙන බවත්, අයෝ­ජන මණ්ඩ­ලයේ නිල­ධා­රීහු මෙහිදී පෙන්වා දුන්නා.

මෙර­ටට ආයෝ­ජන කැඳවා ගැනී­මේදී මුහුණ දෙන ගැටලු, අභි­යෝග සහ ඊට ගත හැකි විස­ඳුම් පිළි­බ­ඳව ද මේ රැස්වී­මේදී අව­ධා­නය යොමු කළ අතර ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙහිදී ප්‍රකාශ කළේ, රටේ ආර්ථි­කය සහ ග්‍රාමීය ජන ජීවි­තය ඉහළ තල­ය­කට ඔසවා තැබීමේ කාර්යයේ විශාල වැඩ කොට­සක් ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ල­යට පැවරී ඇති බවයි.

සාම්ප්‍ර­දා­යික ආයෝ­ජන ක්ෂේත්‍ර කෙරෙහි ආයෝ­ජන කැඳවා ගැනීමේ හැකි­යාව සීමා­ස­හිත බැවින්, රටක් ලෙස නව ආයෝ­ජන ක්ෂේත්‍ර හඳුනා ගත යුතුව ඇති බවත්, එහි වග­කීම ආයෝ­ජන මණ්ඩ­ල­යට පැව­රෙන බවත් ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළා.

ශ්‍රී ලංකාව,1978 වසරේ සිට මේ දක්වා උපයා ගැනී­මට සමත් ව ඇත්තේ ඩොලර් බිලි­යන 22කට ආසන්න ආයෝ­ජන ප්‍රමා­ණ­යක් බව පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා කලා­පයේ සෙසු රට­වල් සමඟ සසඳා බැලී­මේදී ශ්‍රී ලංකාව වේග­යෙන් ඉදි­රි­යට ගමන් කළ යුතුව තිබෙන බවත්, විය­ට්නා­මය 2022 වස­රේදී පම­ණක් ඩොලර් බිලි­යන 23ක ආයෝ­ජන ඉල­ක්ක­ය­කට ළඟා වී ඇති බවත් පෙන්වා දුන්නා.

ආයෝ­ජන දිශා­ගත කිරී­මේදී සේවා අංශයේ ආයෝ­ජන වැඩි කිරී­මට අව­ධා­නය යොමු කරන ලෙසත් මඟ­හැ­රුණු අවස්ථා හඹා යෑමෙන් ඔබ්බට ගොස් නව ආයෝ­ජන අවස්ථා සොයා ගැනීම ආයෝ­ජන මණ්ඩ­ලයේ අර­මුණ විය යුතු බවත් ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළා.

ආර්ථික කට­යුතු පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක දුමින්ද හුලං­ග­මුව, ආයෝ­ජන මණ්ඩ­ලයේ සභා­පති අර්ජුන හේරත්, ආයෝ­ජන මණ්ඩ­ලයේ වැඩ­බ­ලන අධ්‍යක්ෂ ජන­රාල් රේණුකා වීර­කෝන් යන මහත්ම මහ­ත්මිහු ඇතුළු ආයෝ­ජන මණ්ඩ­ලයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට එක් ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *