free web stats

අභිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවෙයි

සැකසහිත ලෙස මියගිය 30 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පිළියන්දල පොලිස් වසමේ පැලැන්නවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක් ඊයේ (27) එලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇති බවයි.

පිළියන්දල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලට අනුව මළසිරුර සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇති කාන්තාව රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *