free web stats

අද නිෂ්පා­දන ආර්ථි­කය කඩා වැටෙ­මින් පව­ති­නවා

මැති­ව­ර­ණ­යට පෙර නිෂ්පා­දන ආර්ථි­ක­යක් ගැන කතා කළාට, අද සිදු­වෙ­මින් පව­තින්නේ තිබෙන නිෂ්පා­දන ආර්ථි­කය ද කඩා බිඳ වැට්ට­වීම බව ජාතික නිද­හස් පෙර­මුණේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විමල් වීර­වංශ මහතා පවසනවා.

පක්ෂ කාර්යා­ලයේ පසුගියදා පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් විමල් වීර­වංශ මහතා මේ බව සඳ­හන් කළා.

දැන­ට­මත් කර්මා­න්ත­ක­රු­වන්, ව්‍යාපා­රි­ක­යන් තමන්ගේ ව්‍යාපාර සුළු මුද­ල­කට විකුණා දරු පවුල් පිටින් රට අත­හැර යන තත්ත්ව­ය­කට පත්ව ඇතැයි ද ඔහුව පවසනවා.

එලෙස රට යන වේගය අඩාළ වෙලා තිබෙන්නේ ගුවන් ගමන් බල­පත්‍ර දීමේ වේගය අඩු වී ඇති බැවින් බව ද ඔහු වැඩ් දුරටත් පැවසූවා.

සිය­යට 15කින් විදුලි බිල වැඩි වෙනවා කියන්නේ සුළු­පටු දෙයක් නෙවෙයි. මේ විදුලි බිල වැඩි වෙන්නේ දුප්ප­ත්කම සිය­යට 24.5කින් වැඩි වෙලා තිබෙන රටක. ඒ වගේම සිය­යට 51ක් වේල් දෙකක් කාලයි ජීවත් වෙන්නේ. විදුලි බිල වැඩි කළාම එය අපේ ගෙදර විදුලි බිලට විත­රක් බල­පාන්නේ නැහැ. විදුලි බිල ඉහළ යෑම හැම­දේ­ක­ටම බල­පා­නවා. හැම නිෂ්පා­ද­න­ය­ක­ටම බල­පා­නවා. මින් දුප්ප­ත්කම තව තවත් වැඩි වෙනවා. දව­සට වේල් දෙකක් කන සිය­යට 51ක එක වේලක් කන තැනට පත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *