free web stats

ආණ්ඩුව දුන් පොරොන්දු එකින් එක කඩ කර අව­සන්

ආණ්ඩුව මැති­ව­රණ පොරොන්දු එකින් එක කඩ කර අව­සන් බවත්, දැන් ජන­තා­වගේ ජීවිත ආරක්ෂා කර ගන්න බැරි තැනට පත්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පව­සයි.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව පැවැ­සුවේ ඊයේ (14) විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කර­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් මෙලෙස ද සඳ­හන් කරයි.

“මැති­ව­ර­ණ­යේදී රටේ ජන­තා­වට යෝජනා කළ පොරොන්දු රාශි­යක් අද වන විට මේ රජය කඩ කර ඇති බවට විශේෂ සමී­ක්ෂ­ණ­යක් හරහා වාර්තා වෙනවා. රටේ නීතිය හා සාමය ශක්ති­මත් කරන්න මේ රජය පැහැ­දිලි පොරො­න්දු­වක් දුන්නා. රටේ ජන­තා­වගේ ජීවත් වීමේ අයි­තිය සුර­ක්ෂිත කිරීම ප්‍රමු­ඛ­තම කාර්ය­යක් බවට ප්‍රකාශ කළත් අද වන විට මහ­ජන ආර­ක්ෂාව සප­යන්න බැරි රජ­යක් බිහිව තිබෙ­නවා.

මේ වන විට රටේ කැලෑ නීතිය ක්‍රියා­ත්ම­කයි. රටේ නීතිය වල්බි­හිවී නීතියේ ආධි­පත්‍ය සහ­මු­ලින්ම විනාශ වී වෙඩි තැබීම් 68ක් හරහා ජීවිත 37ක් අහිමි වී තිබෙ­නවා. මේ රජය ජාතික ආර­ක්ෂාව ගැන ටියු­ෂන් පන්ති පව­ත්ව­න්නැයි ජන­තා­වට කිව්වත් අද වන විට ජාතික ආර­ක්ෂාව සහ මහ­ජන ආර­ක්ෂාව නැති වී තිබෙ­නවා.

ජන­තා­වගේ ජීවිත ආරක්ෂා කිරී­මට නොහැකි තත්ත්ව­යක් මතුව තිබෙ­නවා. කුමන මොහො­තක වෙඩි ප්‍රහා­ර­යක් එල්ල වී ජීවිත අහිමි වේ දැයි කියා ගැට­ලු­වක් මතුව තිබෙ­නවා. මේ අව­ස්ථාවේ නීතිය හා සාම­යට එල්ල වී තිබෙන මරු පහර ජාතික ආර­ක්ෂ­වට තර්ජ­න­යක් නිසා මෙය වහාම මැඬ­පැ­වැ­ත්විය යුතුයි. රජ­යට මේ වග­කී­මෙන් බැහැර විය නොහැ­කියි. මේ ජාතික ආර­ක්ෂක ගැට­ලු­වට සමස්ත ජන­තාව විස­ඳු­මක් අපේ­ක්ෂා­වෙන් සිටින නිසා ආණ්ඩු­වට මේ ගැට­ලු­වෙන් පැන යා නොහැ­කියි. මේ මැර සංස්කෘ­තිය මැඬ­පැ­වැ­ත්වී­මට ගත­හැකි ප්‍රබ­ලම නීත්‍ය­නු­කූල පිය­වර ගත යුතුයි. එසේ නොක­ළොත් ජන­තා­වගේ ජීවිත ගැට­ලු­වට ලක් වී රජයේ අසා­ර්ථ­ක­ත්වය පෙන්නුම් කර­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *