free web stats

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් ජන­පති තුවාල ලැබූ බව ඉරාන මාධ්‍ය පළ­මු­ව­රට හෙළි කරයි

ඊශ්‍රා­යල ගුවන් ප්‍රහාර අත­ර­තුර ඉරාන ජනා­ධි­පති මසූඩ් පෙසෙ­ෂ්කි­යන් තුවාල ලැබූ බව එරට මාධ්‍ය පළ­මු­ව­රට අනා­ව­ර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

ඉරාන විප්ල­ව­වාදී ආර­ක්ෂක බළ­කා­යට අයත් ෆාර්ස් පුවත් සේවය සඳ­හන් කර ඇත්තේ දෙරට අතර යුද ගැටුම් පැවති පසු­ගිය මස 16 වැනිදා ඊශ්‍රා­ය­ල­යෙන් එල්ල වූ ගුවන් ප්‍රහා­ර­ය­කින් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පාද­ය­කට සුළු තුවාල සිදුවූ බවයි.

එදින ටෙහ්රාන් නුවර භූගත ගොඩ­නැ­ගි­ල්ලක පැවැති ජාතික ආර­ක්ෂක කවු­න්සි­ලයේ රහ­සි­ගත රැස්වී­ම­කට සහ­භා­ගි­වෙ­මින් සිටි­යදී ඊශ්‍රා­ය­ල­යෙන් ගුවන් ප්‍රහාර එල්ල වූ බවත්, එම ගොඩ­නැ­ගිල්ලේ ප්‍රවේශ දොර­ටුව අසල සිදුවූ විශාල පිපි­රී­ම­කින් අව­සන් මොහොතේ ජනා­ධි­ප­ති­ව­රයා ජීවි­තය බේරා­ගත් බවත් ෆාර්ස් පුවත් සේවය උපුටා දක්ව­මින් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබෙනවා.

ජනා­ධි­ප­ති­ව­රයා සමඟ ඉරාන පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක, අධි­ක­රණ ප්‍රධානි සහ තවත් ජ්‍යෙෂ්ඨ නිල­ධා­රින් රැසක් ද එම රැස්වී­මට සහ­භාගි වී ඇති අතර, ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් පසු වහාම එම ගොඩ­නැ­ගි­ල්ලෙන් පලා­ගොස් ඇතැයි ද වාර්තා වේ.

රැස්වීම පැවති භූගත ගොඩ­නැ­ගි­ල්ලෙන් පිටවී යෑමේ මාර්ග­යට සහ ඔක්සි­ජන් සැප­යීමේ පද්ධ­තිය බිඳ දැමී­මට ඊශ්‍රා­ය­ලය මිස­යිල 6ක් එල්ල කර ඇතැයි ද, ඒ අනුව එම රැස්වීම සම්බ­න්ධව ඊශ්‍රා­ය­ල­යට නිවැ­රැදි තොර­තුරු ලැබී ඇති බව තහ­වුරු වී ඇතැයි ද ෆාර්ස් පුවත් සේවය සඳ­හන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *