IPL ජය සැමරුමේ සිද්ධියට කිරුළ දිනූ RCB ට චෝදනා
මෙවර IPL තරගාවලියේ ශූරතාව දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම විසින් පසුගිය මාසයේ සංවිධාන කරන ලද ජයග්‍රාහී සැමරුම් උත්සවයේදී ඇති වූ තෙරපීමකින් වයස අවුරුදු 14 ත් 29 ත් අතර පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මෙම සිදුවීමට RCB කණ්ඩායමේ කළමනාකාරීත්වය වගකිව යුතු බව කර්නාටක රජය සඳහන් කරයි.
ඊට අදාළව සිදු කෙරෙන විමර්ශනයේ වාර්තාව නිකුත් කරන ලෙස කර්නාටක මහාධිකරණය පසුගියදා නියෝගයක් ද නිකුත් කළ අතර ඒ අනුව නිකුත් කළ වාර්තාව අනුව RCB කණ්ඩායම් හිමිකරුවන් වරදකරුවන් ලෙස නම් කර තිබේ.
සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ක්‍රීඩා ලෝලීන්ට ආරාධනා කිරීම හරහා ලක්ෂ 3කට ආසන්න විශාල පිරිසක් එක්රැස් වීමට හේතු වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම ජය සැමරුමේ හවුල්කරු වන DNA Networks ආයතනය විසින් කර්නාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයෙන් සහ කාර්නාටක ප්‍රාන්ත පොලීසියේ අදාළ අංශයගෙන් කල්වේලා ඇතිව අවසර ලබා නොගැනීම හේතුවෙන් මෙම අවසනාවන්ත සිදුවීම සිදු වූ බව මෙම වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව මෙම සිදුවීමට RCB සහ DNA Networks ආයතනයට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග සහ දඬුවම් ඉදිරියේදී නියම කිරීමට නියමිත වේ.