free web stats

හන්තාන වත්තෙන් අක්කර 43ක් කිරිඇල්ලගේ දියණියට ලැබුණු හැට්

රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ පිහිටි රාස්ස­ගල වත්තේ අක්කර 22 ඉඩම වෙනු­වට හන්තානේ පිහිටි හන්තාන වත්ත නම් ඉඩ­මෙන් අක්කර 43ක ඉඩ­මක් පාර්ලි­මේන්තු මන්ත්‍රීනි චමි­න්ද්‍රානි කිරි­ඇල්ල මහ­ත්මි­යට පවරා තිබීම සම්බ­න්ධ­යෙන් පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභා­වේදී පසු­ගි­යදා දීර්ඝ වශ­යෙන් සාකච්ඡාවට ලක්වුණා.

රත්න­පුර රාස්ස­ගල වත්තට අයත් ඉඩ­ම්ව­ලින් අක්කර 50ට අඩු ඉඩම් කොටස් අයත් ප්‍රකා­ශ­ක­යන් නොවන 46 දෙනකු සිටින අතර එම ප්‍රකා­ශ­ක­යන් නොවන කිසි­ව­කුට හන්තාන වත්තෙන් ඉඩම් කොටස් ලබාදී නොමැත.

හන්තාන වත්තෙන් අක්කර 43ක් ලබාදී ඇත්තේ සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට පම­ණක් බවත් මෙහිදී අනා­ව­ර­ණය වුණා.

පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාවේ සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී නිශාන්ත සම­ර­වීර මහතා සඳ­හන් කළේ, මෙහිදි මතු වන ගැට­ලුව වන්නේ ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ල­යට අයත් ඉඩ­ම­කින් අක්කර 43ක් විකල්ප ඉඩ­මක් ලෙස ලබා­දෙන්නේ කෙසේ ද යන්න බවයි.

එමෙන්ම මෙහිදි ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ නිල­ධා­රීන් වෙත ප්‍රශ්න­යක් යොමු කළ පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාවේ කමිටු සාමා­ජික පාර්ලි­මේන්තු මන්ත්‍රී අසිත නිරෝ­ෂණ එගො­ඩ­වි­තාන මහතා සඳ­හන් කළේ, සී. කිරි­ඇල්ල මහ­ත්මිය ලක්ෂ්මන් කිරි­ඇල්ල මහ­තාගේ දිය­ණිය බැවින් ඒ සඳහා දේශ­පා­ලන බලය යොදා­ගෙන ඇති ද යන්නයි.

කෙසේ වෙතත් මෙම කරුණ සම්බ­න්ධව පුළුල් ලෙස ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය කෝප් කමි­ටුව හමු­වට කැඳවා දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කළ යුතු බව කෝප් කමිටු සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සම­ර­වීර මහතා අව­ධා­ර­ණය කළා.

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව කෝප් කමි­ටුව හමු­වට කැඳවූ අව­ස්ථා­වේදී මෙම කරුණු අනා­ව­ර­ණය වුණා.

කෝප් කමි­ටුවේ සභා­පති වෛද්‍ය නිශාන්ත සම­ර­වීර මහතා, “සී. කිරි­ඇල්ල නමැති අයට රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ පිහිටි රාස්ස­ගල වත්තේ අක්කර 22කට ආසන්න ප්‍රමා­ණ­යක් සඳහා හිමි­කම සහිත වීම සහ රාස්ස­ගල වත්තේ භුක්තිය කොමි­ෂන් සභාව සතුව නොතිබූ අව­ස්ථා­වක එම ඉඩම වෙනු­වට හන්තාන ප්‍රදේ­ශ­යෙන් ඉඩම් ලබා­ගෙන තිබීම පිළි­බ­ඳ­වත්, මේ වන විට ඇය විසින් එම ඉඩම විකුණා තිබීම යන කලින් කෝප් කමි­ටුවේ තීර­ණ­යක් මම ගත්තේ. සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට අයිති වෙලා තිබෙන්නේ දළ චිත්‍රය ගත්තොත් රාස්ස­ගල මඩු­ව­න්විල වලව්ව සහ මහ­ව­ල­තැන්න වල­ව්වට අයිති ඉඩම්.

මේ ඉඩම හවුල් ඉඩ­මක්. සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට තිබිලා තියෙන්නේ අක්කර 22ක ප්‍රමා­ණ­යක්. මේ ඉඩම එල්.ආර්.සී. එකට අයිති නෑ. ඒත් මේ එල්.ආර්.සී. එක මැදි­හත් වෙලා මේ ඉඩම බදු දෙනවා බළ­න්ගොඩ ප්ලාන්ටේ­ෂන් එකට. ඉන්පසු ඔවුන් එල්.ආර්.සී. එකට අතුරු තහ­නම් නියෝ­ග­යක් ගන්නවා.

1996දී මේ ඉඩම නැවත අයි­ති­ක­රු­වන්ට අත්පත් වුණාම එයාල ඉඩම් ප්‍රකා­ශ­ක­යන් විදි­යට එල්.ආර්.සී. එකට මේ ඉඩම් ප්‍රකාශ කළා ද කියලා ප්‍රශ්න­යක් තියෙ­නවා. ප්‍රකාශ කළාම මේ සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට අයිති වෙලා තිබුණේ අක්කර 22ක් නම් එතු­මිය කොහොම ද ප්‍රකා­ශ­ක­යෙක් බවට පත්වුණේ? මෙතන ප්‍රශ්නය වෙන්නේ හන්තාන වත්ත කියන ජේ.ඩී.බී. එකට අයිති ඉඩ­ම­කින් අක්කර 43ක් නිද­හස් කර­නවා විකල්ප ඉඩම් ලබා­දී­මක් ලෙස.

1896 සිට 1996 දක්වා වසර සිය­ය­කට බදු දීලා තිබෙ­නවා. තේ කර්මාන්ත ශාලා­ව­කට. හැබැයි ඒ තේ කර්මා­න්ත­ශා­ලාව විසින් 1970දී බදු කාලය තුළ රාජ්‍ය වැවිලි සමා­ග­මට අතුරු බදු පැන­වී­මක් සිදු­කර තිබෙ­නවා. නමුත් එල්.ආර්.සී. පනත එන්නේ 1972දි නේ. ඒ වෙන කොට එය එල්.ආර්.සී. එකට අයිති නැහැ. 1996දී බද්ද අහෝසි වුණාට පසුව ඉඩම පැව­රෙ­නවා නැවත හිටපු අයට. ඒ ඉඩම් ටික ගත්තම ඉඩම හවුල් ඉඩ­මක්. එතන සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට තිබී තිබෙන්නේ අක්කර 22ක ප්‍රමා­ණ­යක්. එත­කොට ගැට­ලුව මතු වෙනවා.

එල්.ආර්.සී. එකට මේක අයිති නැහැ. හැබැයි එල්.ආර්.සී. එක මැදි­හත් වෙලා මේ ඉඩම ලබා­දෙ­නවා, බළ­න්ගොඩ ප්ලාන්ටේ­ෂන් එකට. බදු දෙනවා. එයාලා එල්.ආර්.සී. එකට අතුරු තහ­නම් නියෝ­ග­යක් ගන්නවා. මේ දැන් 1996දි. සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට අයි­තිවී තිබුණේ අක්කර 22ක් නම් ඇය කොහොම ද ප්‍රකා­ශ­ක­යෙක් බවට පත්වෙන්නේ යන ගැට­ලුව මතු වෙනවා.

මුළු අද­හස ගත්තොත් සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට ඉඩ­මක් තිබෙ­නවා. අක්කර 22යි. නමුත් ඒක එල්.ආර්.සී. පන­තට ඇතු­ළත් නැහැ. අක්කර 22යිනේ. ව්‍යාව­ස්ථා­පිත නිශ්ච­යක් ලබා­දෙන්න හිමි­ක­මක් දෙන්න හැකි­යා­වක් නැහැ. මොකද එයාට තිබෙන්නේ අක්කර 22යි. එත­කොට එල්.ආර්.සී. එක බැඳි­ලත් නැහැ ඇයට ඉඩ­මක් දෙන්න.

මෙතන ප්‍රශ්නය මතු වෙන්නේ ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ල­යට අයිති හන්තාන වත්ත නම් ඉඩ­ම­කින් අක්කර 43ක් නිද­හස් කර­නවා විකල්ප ඉඩම් ලබා­දී­මක් ලෙස. මට තව­මත් පැහැ­දිලි නැහැ මෙතන කවුද කළේ කියලා. ඔබ­තු­මා­ලාගේ එල්.ආර්.සී. එක පැත්තෙන් ද, කොහොම ද වුණේ කියලා පැහැ­දිලි නැහැ. මේ පිළි­බ­ඳව පැහැ­දිලි කර­ගත යුතුයි. කොහොම ද ඒක වුණේ කියලා පැහැ­දිලි කරන්න.”

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් පද්ම­සිරි ලිය­නගේ මහතා,

“රාස්ස­ගල වත්ත කියන එක ජී.ඩබ්ලිව්. මඩු­ව­න්වෙ­ලයි, එස්.ඩබ්ලිව්. මාල­ක­තැන්න කියන දෙන්නෙක්ට තමයි අයිති වෙලා තිබුණේ. මේ ඉඩමේ සම්පූර්ණ ප්‍රමා­ණය තිබිලා තියෙ­නවා අක්කර 5360යි රෑඩ් එකයි , පර්චස් 37ක්.

මේකෙන් බදු ගිවි­සුම් යටතේ රාජ්‍ය වැලි සංස්ථා­වට ගිහින් තියෙ­නවා අක්කර 1824 රූඩ් එකයි, පර්චස් 17ක ප්‍රමා­ණ­යක්. 1996දී තමයි මේක අව­සන් වෙන්නේ බදු කාලය. මේ ඉඩ­මට අදා­ළව අක්කර 50 ඉක්ම වන ප්‍රකා­ශ­ක­යන් ඉන්නවා 22ක්. ප්‍රකා­ශක නොවන 46ක් ඉන්නවා. මේ සී. කිරි­ඇල්ල කියන අය මේ ප්‍රකා­ශක නොවන 46 දෙනා­ගෙන් එක්කෙ­නෙක්. මේ සම්පූර්ණ ඉඩම අපිට ඇවිල්ලා නෑ. මේ ඉඩම තවම තියෙන්නේ එස්.පී.සී. එක යටතේ. දැනට බළ­න්ගොඩ ප්ලාන්ටේ­ෂන් එකෙන් පාල­නය වෙනවා.

ප්‍රකා­ශිත නොවන 46 දෙනාට අයි­ති­වෙලා තිබිලා තියෙ­නවා ඒ වන විට අක්කර 462යි, රූඩ් 2යි, පර්චස් 14ක ප්‍රමා­ණ­යක්. එතන චාමිණි කිරි­ඇල්ල කියන මහ­ත්මි­යට තිබිලා තියෙ­නවා අක්කර 22යි, රූඩ් 1යි, පර්චස් 28ක අයි­ති­යක්. නමුත් ප්‍රකා­ශි­ත­යන් 22 දෙනා­ට­වත්, ප්‍රකා­ශි­ත­යන් නොවන කිසි­ව­කු­ට­වත් ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ මෙතෙක් ඉඩම් බැහැර වීමක් සිදු වෙලා නෑ. ප්‍රකා­ශි­ත­යන් නොවන අයට කිසි­සේත්ම අයි­ති­යක් නෑ ඉඩම් බැහැර කිරී­මට.

මොකද ඒ ඉඩම් කොමි­ෂන් සභා­වට පැව­රෙන්නේ නැති නිසා. ඒ අනුව අපිට චාමිනි කිරි­ඇල්ල කියන කෙනාට ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභා­වෙන් ඉඩම් දෙන්න කිසිදු බැඳී­මක් නෑ. ඒ ඉඩම ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ල­යෙන් සී කිරි­ඇල්ල මහ­ත්මි­යට දීලා තියෙන්නේ. මේකට අපට සම්බ­න්ධ­යක් නැහැ.

මේ ඉඩ­මට අදා­ළව අක්කර 50ට වැටි ප්‍රකා­ශ­ක­යන් ඉන්නවා 22ක්. අක්කර 50ට අඩු ප්‍රකා­ශ­ක­යන් ඉන්නවා 46ක්. සී. කිරි­ඇල්ල කියන කාන්තාව මේ ප්‍රකා­ශ­ක­යන් නොවන 46 දෙනා­ගෙන් එක් කෙනෙක්. මේ සම්පූර්ණ ඉඩම අපට ඇවිත් නැහැ. ඒ කියන්නේ ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභා­වට ඇවිත් නැහැ. තවම තිබෙන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ.”

සභා­ප­ති­ව­රයා – ඒ කියන්නේ මම කියපු එක හරිනේ. සී. කිරි­ඇල්ල කියන මහ­ත්මිය මේ පනත යටතේ ප්‍රකා­ශ­ක­යෙක් වෙන්නේ නැහැ.

අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා – එත­කොට මෙම ඉඩම තව­මත් තිබෙන්නේ රාජ්‍ය වැවිලි සමා­ගම යටතේ. දැනට බළ­න්න්ගොඩ ප්ලාන්ටේ­ෂන් එකෙන් පාල­නය වෙනවා. ඒ වගේම තහ­නම් නියෝ­ග­ය­කට යටත් වූ ඉඩ­මක්.

සභා­ප­ති­ව­රයා – එත­කොට මේක බළ­න්ගොඩ ප්ලාන්ටේ­ෂන් එකට දීලා තිබෙන්නේ කවුද?

අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා – ලබාදී තිබෙන්නේ එස්.පී.සී. එකෙන්. පළාත් තේ සමා­ග­මක් ලෙස එය ලබාදී තිබෙ­නවා.

කාරක සභා සභා­පති නිශාන්ත සම­ර­වීර මහතා – ඒ කියන්නේ ඔබ­තු­මා­ලාගේ මැදි­හ­ත්වී­මෙන් නෙවෙයි ද?

පිළි­තුර –

නැහැ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා – එහෙම නම් මේ ඉඩමේ අයි­තිය තිබෙන්නේ කාටද?

පිළි­තුර –

අපි ඉඩම් ලබා දෙන්නේ ගැසට් කරලා. ඒ වගේම අපි ඉඩම් ලබා­දෙන්නේ ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ල­යට හා රාජ්‍ය වැවිලි සංස්ථා­වට. ඒක ගැසට් මඟින් පැව­රී­මක් ලෙස සිදු කර­නවා.

දයා­සිරි ජය­සේ­කර මහතා – ගැසට් එකක් ගහලා යම් ඉඩ­මක පැව­රී­මක් සිදු කළාම එහි වග­කීම එල්.ආර්.සී. එකෙන් බැහැර වෙනව ද?

පිළි­තුර –

ඔව්.

කෝප් කමි­ටුවේ සභා­පති වෛද්‍ය නිශාන්ත සම­ර­වීර මහතා –

“මේක අපි ජේ.ඩී.බී. එක සම්බන්ධ වන වෙලා­වක සාක­ච්ඡා­වට ගන්න වෙන්නේ. ප්‍රකා­ශ­ක­ය­කුත් නොවන කෙන­කුට ඉඩම් ලබා­දීම සම්බ­න්ධ­යෙ­නුයි ගැට­ලුව. ඒ නිසා ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය කැඳවූ අව­ස්ථා­වක මේ සම්බ­න්ධ­යෙන් යම් විම­සී­මක් සිදු කළ යුතුයි.

පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා – ප්‍රකා­ශ­ක­යන් නොවන අනිත් 46 දෙනා­ටත් මේ ආකා­ර­යෙන් ඉඩම් ලබාදී තිබෙ­න­වද?

අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා – මම දන්නා තර­මට නැහැ.

කමිටු සාමා­ජික පාර්ලි­මේන්තු මන්ත්‍රී අසිත නිරෝ­ෂණ එගොඩ විතාන,

ඔබ­තු­ම­න්ලාගේ ඉඩම් වතු සංව­ර්ධන මණ්ඩ­ලය සතුව තිබෙ­න­වානේ. ඒකෙන් ද මේ අක්කර 43යි, රූට් 01යි පර්චස් 26ක් සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට නිකුත් කරලා තියෙන්නේ?

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් පද්ම­සිරි ලිය­නගේ මහතා – නිකුත් කරලා තියෙන්නේ වතු සංව­ර්ධන මණ්ඩ­ල­යෙන්. ඒත් මේ ඉඩම පරි­පා­ල­නය තියෙන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ. ඒ වගේම මෙම ඉඩම් බදු පද­නම යටතේ ලබා­දී­මේදී පරි­පා­ල­න­මය අයි­තිය අදාළ සමා­ග­ම්ව­ලට ලබා දෙනවා. නමුත් නෛතික අයි­තිය තිබෙන්නේ එල්.ආර්.සී. එකට.

දයා­සිරි ජය­සේ­කර මහතා – ඒක තමයි මේ දිගින් දිග­ටම ඇහුවේ.

කමිටු සාමා­ජික පාර්ලි­මේන්තු මන්ත්‍රී අසිත නිරෝ­ෂණ එගොඩ විතාන මහතා,

සී. කිරි­ඇල්ල මහ­ත්මි­යට නිකුත් කරලා තියෙන්නේ බළ­න්ගොඩ ප්ලාන්ටේ­ෂන් එකේ ඉඩ­මක් ද?

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් පද්ම­සිරි ලිය­නගේ මහතා – බළ­න්ගොඩ ප්ලාන්ටේ­ෂන් එකෙන් පරි­පා­ල­නය වන රාජ්‍ය වැලි සංස්ථා­වට අපි භාර­දීපූ ඉඩ­මක් තමයි ජන­ව­සම විසින් නිද­හස් කරලා තියෙන්නේ.

කමිටු සාමා­ජික පාර්ලි­මේන්තු මන්ත්‍රී අසිත නිරෝ­ෂණ එගොඩ විතාන මහතා,

සී. කිරි­ඇල්ල කියන්නේ ලක්ෂ්මන් කිරි­ඇල්ල මහ­ත්ම­යාගේ දුව. ඔබ­තු­මල්ලා කිය­නවා එල්.ආර්.සී. එක අධි­ක­ර­ණ­යේදී ඔබ­තු­ම­න්ලාගේ හිමි­කා­රී­ත්ව­ය­වත් පිළි­ගන්නේ නෑ කියලා. ඒත් බළ­න්ගොඩ ප්ලාන්ටේ­ෂන් එකට දුන්න ඉඩ­මක් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රි­ය­කට පැව­රිලා තියෙ­නවා.

කොහො­මද ඒක වෙලා තියෙන්නේ? දේශ­පා­ලන බලය පාවිච්චි කර­ලාද? ලක්ෂ්මන් කිරි­ඇල්ල මහ­ත්මයා හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක් කියලා ද? ඒ බලය පාවිච්චි කරලා ද තියෙන්නේ? මේ අක්කර 43 පැව­රී­මට අදාළ නඩු පැව­රී­මක් සිදු­කර නැද්ද?

පාර්ලි­මේන්තු මන්ත්‍රී දයා­සිරි ජය­සේ­කර මහතා – මේ සම්බන්ධ නිවැ­රදි තීන්දු­වක් අරන් මේක නීති­යක් බවට පත් කරන්න. එත­කොට උසා­වි­ව­ලයි එහේ මෙහේ තිබෙන සල්ලි ටික ගන්න පුළු­වන්. මේ පිළි­බඳ නිවැ­රදී තීන්දු­වක් ගන්න.

කෝප් කමි­ටුවේ සභා­පති වෛද්‍ය නිශාන්ත සම­ර­වීර – විකල්ප ඉඩම් ලබා දීම සම්බ­න්ධව පනතේ තිබෙන බල­තල මොකක් ද කියන එක පැහැ­දිලි කරන්න.

ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ (නීති) උද­ය­සිරි රාජ­පක්ෂ මහතා,

පනතේ 22 අ වග­න්තියේ දැක්වෙ­නවා ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව සතු ඉඩම් පව­රා­දී­මේදී හුව­මා­රු­ව­කින් පවරා දෙන්න පුළු­වන් කියලා. 44 අ වග­න්තියේ දැක්වෙ­නවා බල­තල දක්ව­න­කොට පනතේ පර­මාර්ථ සහ බල­තල ක්‍රියා­ත්මක කිරී­මට අනි­කුත් දේ අතර, ඒ කියන්නේ විකි­ණීම් , බදු දීම්, අන් අය­ගෙන් බැහැ­ර­කි­රීම්, අඩ­පන කිරීම වැනි කාරණා අතර හුව­මාරු කිරී­මට බල­යක් තියෙ­නවා කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *