free web stats

කාට­වත් ඕන විදි­හට අපේ පක්ෂය වෙනස් කරන්න අවශ්‍ය නෑ

සමඟි ජන බල­වේ­ගයේ උප නායක ධුර­යක් දයා­සිරි ජය­සේ­කර මන්ත්‍රී­ව­ර­යාට ,ලබා දීමේ කිසිදු අද­හ­සක් පක්ෂය තුළ නොමැති බව සමඟි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක මහතා පව­සනවා.

ඒ මහතා මේ බව පැව­සුවේ ඊයේ (20) මහ­නු­ව­රදී පැවති මාධ්‍ය හමු­ව­කදී අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද පැවසූවා.

“එවැනි ඉල්ලී­මක් දයා­සිරි මන්ත්‍රී­ව­ර­යාගේ පාර්ශ්ව­යෙන් මෙතෙක් ඉදි­රි­පත්වී නෑ. මෙවැනි කරු­ණක් සම්බ­න්ධව පක්ෂයේ කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය තුළ මෙතෙක් සාකච්ඡා වී නෑ. දයා­සිරි ජය­සේ­කර කියන්නේ පසු­ගිය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගය සමඟ එක්ව තරග කළ අයෙක් වුවත් ඒ මහතා මේ දක්වා අපේ පක්ෂයේ සාමා­ජි­ක­ත්ව­ය­වත් ගෙන නෑ. පක්ෂයේ උප නාය­ක­යෙක් වෙන්න නම් පළ­මුව පක්ෂයේ සාමා­ජි­ක­යෙක් විය යුතුයි. එවැ­න්නක් සම්බ­න්ධව සාක­ච්ඡා­ව­ක්වත් සිදුවී නෑ.

පක්ෂ නාය­ක­යන් කියන අය අහු­ලලා ගෙනල්ලා නාය­ක­ත්වයේ වාඩි කරන්න බෑ. නාය­ක­ත්ව­යට එන්න නම් පළ­පු­රුද්ද වගේම අත්දැ­කීම් බහුල වෙන්නත් ඕනෙ. පක්ෂය ප්‍රති­සං­වි­ධා­නය කිරීමේ කට­යුතු පිළි­බඳ මේ වන­විට සාකච්ඡා වෙමින් පව­ති­නවා. මෙතැ­නදී අවශ්‍ය වෙන්නේ මුහුණු මාරු කර­න­වාට වඩා ප්‍රති­පත්ති මාරු කරන එකයි. ප්‍රති­ප­ත්ති­වල සැබෑ වෙන­සක් ඇති විය යුතුයි. ඔය එක එක්කෙනා කියන විදි­යට පක්ෂයේ නාය­කත්ව වෙන­සක් වෙන්නේ නෑ. අපට එහෙම අව­ශ්‍ය­තා­වක් නෑ. නාය­ක­ත්වය වෙනස් වෙන්න ඕනේ කියලා කෑග­හන්නේ පක්ෂයේ අය නෙවෙයි. අපේ පක්ෂයේ අය නාය­කයා වශ­යෙන් සජිත් ප්‍රේම­දා­සව පිළි­ගෙන ඉන්නේ. ඒකේ කිසිම වෙන­සක් නෑ. කාට­වත් ඕන විදි­හට අපේ පක්ෂය වෙනස් කරන්න අවශ්‍ය නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *